වැහිදාට රෑ අහස
මෙතරම්ම කළුවරද
රිදී රේඛා ඇදෙන
වලාකුළු නිම්තෙර
මහා හඬ නගමින්
වැහි පොද බිම වැටෙන
නැවුම් සුවඳකි දසත විහිදෙන
සිහිල් සුළං එයි
ජනෙල් කවුළුව තුලින්
මුළු ගතම සනසලා
ආපසු යයි ඒ කවුළුව තුලින්
කළුවලා අතරිඳු
දැනෙන සියුම් සිසිලස බඳු
දැනෙයි පාළුව යහන මත හිඳු
ලියමි වදනක් අකුරු සමගිනු....
Niymi
ReplyDeleteSuperb
ReplyDeletesuperb keep it up...
ReplyDeletesuperb akki
ReplyDelete